Saturday, October 26, 2013

පරිගණකයේ ඉතිහාසය-අසන්ෂිප්ත සටහන 3

පරිගණක ඉතිහාසය පිලිබදව ගෙන ඈ ලිපි පෙළ මෙම ලිපියත් සමග  නිම කිරීමට බලාපොරොත්තු වෙයි.1950 වර්ෂයේ සිට 1980 දක්වා කාලය තුල පරිගණක ඉතිහාසය තුල ඇති සුවිශේෂී සන්ධිස්තාන මෙමගින් දැක්වේ.
ජෝන් වොන් නියුමාන්
  • මේ අතර ජෝන් වොන් නියුමාන්(John Von Neumann) නැමැත්තකු විසින් 1945 දී ලියු ලිපියකින් පරිගණක සදහා නව නිර්මාණ ක්‍රමවේදයක් විධිමත් ලෙස ඉදිරිපත් කෙරිණි.මෙය ආචිත ප්‍රක්‍රම ක්‍රමවේදය(Stored program architecture) හෙවත් වොන් නියුමාන් ක්‍රමවේදය(Von neumann architecture) ලෙස හැදින්වේ.මෙම නිර්මානශිල්පය බාවිතා කරමින් නව පරිගණක දියුණු කිරීමට ව්‍යාපෘති කිහිපයක්ම අරබුණි.ජෝන් නියුමාන් යනු සැබවින්ම පුදුම සහගත දක්ෂතා දැක්වූවෙකි.ඔහු 8 වැනි වියේදී ගණිතයෙහි එන කලනය(calculus) ගැටළු විසදුවේය.දුරකතන නාමාවලියෙහි(phone directory) පිටුවක් කියවා යලි එය කටපාඩමින් කියවීමට තරම් මතක ශක්තියක් තිබුණි.වරක් ඔහු ගනිත ගැටළුවක් විනාඩි 6ක් තුළ විසදුයේ ගණන උපකරනක්ද සහිතව මහාචාර්යවරයෙකුට එය විසදීමට පැය ගණනක් ගතවද්දීය!.1948 දී එංගන්තයේ මැන්චෙස්ටර්(Manchester) විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින්  SSEM( Manchester Small-Scale Experimental Machine) නමින් පළමු වරට යන්ත්‍රයක් නිපදවීය.ඉන් වසරකට පසුව කේම්බ්‍රිජ්(Cambridge) සරසවියෙන්   EDSAC( Electronic Delay Storage Automatic Calculator ) නැමැති පරිගණකයක් නිපදවීය.නුතන පරිගණකවල පවා යම් ආකාරයකට ආචිත ප්‍රක්‍රම ක්‍රමවේදය දැකගත හැකිවිය.1940 පළමු general purpose පරිගණකය දක්වා  තාක්ෂනයන් පැහැදිලි ලෙස වෙනස් වුවද වොන් නියුමාන් ආකෘතිය සහිත පරිගණකයේ සිට අද පරිගණකය එතරම් වෙනස් නොවේ.

  • 1950 ආරම්බයේදී සෝවියට් විද්‍යාඥයන් පිරිසක් ත්‍රිමය (-1,0,1) සංඛ්‍යා පද්ධතියකින් යුතු පරිගණකයක් නිපදවීය.එය නමින් සෙටුන්(Setun) නම් විය.මෙය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දියුණු කරන ලද්දකි.නමුත් එය තව දුරටත් දියුණු නොවුයේ ද්විමය පරිගණක පද්ධති(binary computer systems) ක්ෂේත්‍රයේ බොහෝ ජයග්‍රහණ ලබා තිබු බැවිනි.

  • 1950 අවසාන බාගය වනවිට තව දුරටත් පරිගණක උපාංග විශ්ව විද්‍යාල(universities) හා රජයේ පර්යේෂනාගර(government research labs) සතු බුක්තියක් නොවීය.එකර්ට්(Eckert) හා මොෂ්ලී(Mauchley) පෙන්සිල්වෙනියා(Pennsylvania) සරසවියෙන් ඉවත්ව තමන්ගේම සමාගමක් තැන ගත්හ.එහි පළමු වන නිෂ්පාදනය වුයේ යුනිවැක්(UNIVAC) නම් වාණිජ පරිගණකයයි(commercial computer).දත්ත ගබඩා කිරීම සදහා පළමුවරට චුම්බක පටි(magnetic tapes) බාවිත කරන ලද්දේ යුනිවැක් පරිගනකයේය.පසුව ඇතිවූ මුල්‍ය අර්බුද නිසා මොෂ්ලී හා එකර්ට් සුසන්ගතයෙන් ඇරබු සමාගම අඩු මුදලකට විකුණා දමන්නට සිදුවිය.1955 වනවිට IBM සමාගම ක්ෂේත්‍රයේ බොහෝ ආධිපත්‍යක් අත් කර ගෙන සිටියේය.තවද තමන් නිර්මාණය කරනු ලබන පුද්ගලික පරිගණක(personal computers) සදහා මෘදුකාංග නිර්මානය කිරීමට IBM සමාගම විසින් මයික්‍රොසොෆ්ට්(Microsoft) සමාගම කුලියට ගන්න ලදී.මෙම වාසි සහගත කොන්ත්‍රාත්තුව මගින් විශාල ආදායමක් උපයා ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකිවිය.2000 වසර වනවිට මයික්‍රොසොෆ්ට් සතුව පැවති වෙළදපොල ප්‍රාග්දන සම්පාදනය(market capitalization) IBM සමාගම මෙන් දෙගුණයක් විය.
 
    ස්ට්‍රෙච් පරිගණකය.
  • IBM ස්ට්‍රෙච්(stretch) පරිගණකය 1959 වසරේදී නිපදවීය.මෙහි 150000ක ට්‍රාන්සිස්ටර් අන්තර්ගත විය.ට්‍රාන්සිස්ටර් බාවිතා කලද මෙම පරිගණකය පවා අඩි 33ක පමණ දිගකින් යුතුවුයේ ඒවා එකිනෙකින් වෙන්ව සම්බන්ද කර තිබු නිසයි.1980 මුල් බාගයේදී ට්‍රාන්ස්සිස්ටර් එක්කොට සන්ගෘහිත පරිපථ(integrated circuits) තැනීම ආරම්බ කෙරිණි.

  •  ඔබ 1970 දශකයේ පරිගණක සදහා  ලියු වැඩසටහන් පිළිබද විමසන්නේ නම් එය අද මේන්ෆ්‍රේම් පරිගණක සදහා ලියන ඒවාට සමක කොට දැක්විය හැක. උදාහරණ ලෙස  IBM 7090,IBM 360,IBM 370 දැක්විය හැකිය.මෙවැනි පරිගණකයකට යමක් ඇතුල් කිරීමට පැවති එක් ක්‍රමවේදයක් වුයේ ටෙලිටයිප්(teletype) නම් ක්‍රමයයි.තමන් අවශ්‍ය වගන්තියක් ඇතුල් කල විට ඒ සදහා පරිගනකයෙන්ද යම් ප්‍රතිචාරයක් රැගත් සිදුරු සහිත කඩදාසි පටියක් ලැබෙයි.
අල්ටෙයාර් 8800 පිලිබදව පළවූ සගරාවක මුල් පිටුව.
  • නමුත් කාලයත් සමග තාක්ෂනය වඩා පහසු මගකට යොමුවිය.1990 වනවිට විශ්ව විද්‍යාල සිසුන්ට පුද්ගලික පරිගණක බාවිතය පැමිණියේය.මෙතරම් පහසු මගකට තාක්ෂනය යොමු වුයේ තවත් අද්විතීය සොයා ගැනීමක් හේතුවෙනි.එනම් ක්ෂුද්‍ර ප්‍රොසෙසරයයි(micro processor).ලොව පළමු ක්ෂුද්‍ර ප්‍රොසෙසරය නිපදවනු ලැබුවේ 1971 වර්ෂයේදී ඉන්ටෙල් ආයතනය මගිනි.ට්‍රාන්ස්සිස්ටර් 2300ක් රැගත් එම පරිගණකය INTEL 4004 නම් විය.එහි ගටිකා වේගය(clock speed) කිලෝ හර්ට්ස් 108(108 kHz)කි.අද පෙන්ටියම් 4(Pentium 4) පරිගනකයක ට්‍රාන්ස්සිස්ටර් මිලියන 42ක් ඇති අතර ගිගා හර්ට්ස් දෙකක ගටිකා වේගයකින් යුතුවෙයි.
    ක්ෂුද්‍ර ප්‍රොසෙසරයක්.
    මේ අතර ඉන්ටෙල් නිපදවූ 4004 චිප පෘතුවියෙන් ඈතින්ම පිහිටි මානව නිර්මාණිත අබ්යවකාශ යානය(space craft) වන "පයනියර් 10(pioneer 10)" නැමැති යානයේද පවතියි!.පසුව ඉන්ටෙල් ආයතනය INTEL 8008 හා ඉන්ටෙල් 8080 යනුවෙන් ප්‍රොසෙසර් දෙකක් නිපදවීය.ලොව පළමු පුද්ගලික පරිගණකය වන "අල්ටෙයාර් 8800(Altair 8800)" පරිගණකයේ බාවිත වුයේ INTEL 8080 ප්‍රොසෙසරයයි. 1968 දී ඇරබු මෙම සමාගම DRAM හා EPROM නැමැති මතක තාක්ෂනයන්ගේද නිර්මාපකයෝ වෙයි.


ලිපි පෙළ කියවූ ඔබට ස්තුති වන අතරම මීලගට "වස්තු පාදක පද්දති නිර්මාණය (OOSD)" පිලිබදව ලිපි පෙළක් බලාපොරොත්තු වන්න.

Tuesday, October 15, 2013

පරිගණකයේ ඉතිහාසය-අසන්ෂිප්ත සටහන 2

අපි ගිය ලිපියෙන් අවසන් කලේ ඇනලොග් පරිගණක පිලිබදව පොඩි අවබෝදයක් ලබාගෙන.මේ කාලයේදී පරිගණක තාක්ෂණයේ සුවිශේෂී හැරවුමක් සිදුවෙනවා.ඒ තමයි විද්‍යුත් ඩිජිටල් පරිගණක(digital computers) පිළිබද සංකල්පයන් ඉදිරිපත් වීම.
  • මානව මැදිහත් වීමකින් තොරව(without human intervention)සමීකරන විසදිය හැකි යන්ත්‍රයක් 1936 දී ඇලං ටියුරින්(Alan Turing) විසින් නිපදවීය.ඔහුගේ මෙම නිර්මාණය නුතන ඩිජිටල් පරිගණක සදහා පුර්වගාමි වූ න්‍යායික(Theoretical) ඉලෙක්ට්‍රොනික පරිගණකය ලෙස දැක්විය හැකිය.ටයිප් රයිටරයක්(type writer) ලෙසින් පෙනුණු මෙහි ගණනයන් සදහා දත්ත ඇතුලත් කරනු ලැබුවේ අකුරු මගින් නොව සංකේත(symbols) ලෙසිනි.මෙයට එවකට පැවැති සියලු මැෂින් වලින් කල හැකි කටයුතු කල හැකිවුණා.මේ නිසා ඇලන් ටියුරින් නුතන පරිගණක විද්යාවේ පියා (Father of Computer Science)ලෙස සලකනු ලබනවා.
  • 1936-1938 වකවානුව තුල ජර්මන් ජාතික කොන්ද්‍රාද් සුස්(Kondrad Zuse) නිපදවූ Z1 පරිගණකය පළමු විද්‍යුත් යාන්ත්‍රික ද්විමය ක්‍රමලේකිත ක්‍රියාකාරී තත්වයේ පැවති(electro-mechanical binary programmed functional computer) පරිගණකය ලෙස හදුනාගත හැක.
  • ඒකජ සමීකරණ පද්ධති(Linear Equation Systems) විසදීම සදහා යොදාගත හැකි පරිගණකයක් 1937 දී වා රාජ්‍ය විශ්ව විද්යාලයෙහි මහාචාර්ය ආටන්සොෆ්(Attansoff) හා එහි උපාධිදාරියෙකු වූ  බේරි(Berry) සමග එක්ව නිර්මාණය කෙරිණි.සමාන්තර පරිගණනය(Parallel computing) නම් තාක්ෂනය බාවිත වූ මෙය ලොව පළමු විද්යුත් ඩිජිටල් පරිගනකය(First Digital Electronic Computer) ලෙස දැක්විය හැක.මෙහි වැකුම් නල(Vaccum tubes),ද්විමය සංඛ්‍යා(Binary numbers)  හා පුනර්ජනන ධාරිත්‍රක මතකය(Regenerative capacitor memory) යන තාක්ෂණ බාවිතා කෙරිණි.එය අද DRAM තුල දත්ත රදවන ක්‍රමයට සමක වියමෙමගින් අඥාත රාශි 29ක් ඇති සමගාමී සමීකරණ 29ක් විසදිය හැකිවුණා.නමුත් මෙහි පැවති මුලික දෝෂයක් වුයේ එය තව දුරටත් වැඩසටහන්කරණය(programmable) කල නොහැකිවීමයි.
ABC පරිගණකය

  • ලොව පළමු වැඩසටහන් කල හැකි පරිගණකය වුයේ  1941 දී කොන්ද්‍රාද් සුස්(Kondrad Zuse) විසින්ම නිපදවූ Z3 නම් පරිගණකයයි.මෙහි ද්විමය අංක ගණිතය(Binary arithmetic) (ඉපිලෙන ලක්ෂ්‍ය අංකගණිතය(Floating point arithmetic)) බාවිතයෙන් ගණනය කිරීම් සිදුකලා.සුස් සතු සුවිශේෂී ප්‍රතිබානය වන්නේ ඔහු අනෙකුත් නිර්මාණකරුවන්ගේ ආභාශයක් නොලබා තම නිපදවීම් සිදුකිරීමයි.දෙවන ලෝක යුද සාමය තුල මෙම නිර්මාණ සිදුකලේ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ප්‍රමුක සෙසු ලෝකයාගෙන් සැගවෙමිනි.එම නිසා එවකට ඇමෙරිකාවේ හෝ බ්‍රිතාන්‍යයේ තුල දියුණුව පැවති තාක්ෂණ පිලිබදව අවබෝදයක් නොවීය. සංඛ්‍යා සදහා ද්විමය නිරුපනයත්,බැබේජ්ගේ ක්‍රමලේකන සංකල්පයත් ඔහු විසින් නිපදවූ Z පරිගණක පෙළ තුල දක්නට ලැබිණි.ඒ අනුව සලකා බලනවිට මෙම නිර්මාණය පරිගණක ඉතිහාසයේ අද්විතීය සන්ධිස්ථානයකි.
කොලෝසිස් පරිගණකයේ චායරුපයක්

  • මේ අතර ලොව පළමු වැඩසටහන් ගත කල හැකි ඉලෙක්ට්‍රොනික පරිගණකය(Programmable electronic computer) වුයේ 1943 දී තෝමස් ෆ්ලවර්ස්(Thomas Flowers) විසින් නිපදවූ කොලෝසිස්(Colossus) නම් පරිගණකයයි.මීට ඉලෙක්ට්‍රොනික ලෙස වැඩසටහන් කරණය සදහා සීමිත හැකියාවක් තිබිණි.එමෙන්ම සාපේක්ෂව විශ්වාසදායි(reliable) ප්‍රතිපල ලබාදුනි.මෙය දෙවන ලෝක සමයේ ජර්මානු යුද පණිවිඩ විකේතනය(decode) කිරීමට යොදාගැනුනි.

මාර්ක් 1 පරිගණකයේ චායරුපයක්
  • 1944 දී හාර්වර්ඩ්(Harvard) IBM සමාගම හා එක්වී මාර්ක් 1(Mark 1) නමින් පරිගණකයක් නිපදවූවා.මෙය එක්සත් ජනපදයේ එවකට නිපදවූ පළමු ක්‍රමලේකනය කළහැකි ඩිජිටල් පරිගණකයයි(First programmable digital computer).මෙහි භෞතික ප්‍රමාණය සදහන් කළහොත් බරින් ටොන් 50ක්ද සැතපුම් 500ක දිගින් යුත් වයර්ද ,උසින් ආදී 8ක් ,දිගින් ආදී 51ක්ද සහ ආදී 50ක් දිගින් යුත් බ්‍රමණ ඊශාවකින්ද(rotating shaft) මෙය සමන්විත වුනා.මේ සදහා වැඩසටහන් සකස් කල කාන්තා ප්‍රාථමික ප්රෝග්‍රමර් වරියක(programmer) වුයේ ග්‍රේස් හොපර්(Grace Hopper) ය.ඇය විසින් පළමු පරිගණක දෝෂය(Bug) සොයාගැනුනි.මෙහි පටි කියවනයේ  මියගිය ඉපියෙකු සිරවීමෙන් ඉහත දෝෂය හටගැනුනි.පසුව පරිගණක දෝෂ නිරාකරණයට දිබගින්ග්(Debugging) වැනි යෙදුම් බාවිතයට ආරම්බය සැකසුනේ එලෙසිනි.පළමු ඉහල මට්ටමේ පරිගණක බාශාවක් පවා නිර්මානය කලේ උක්ත කත විසිනි.එය ආරම්බයේ ෆ්ලෝමැටික්(Flowmatic) යනුවෙන් හැදින්වූ අතර පසුව එය සුප්‍රසිද්ද කොබෝල්(COBOL) බවට පත්විණි.මාර්ක් 1 ට අංක 23කින් යුතු සංඛ්‍යා විසදිය හැකිව තිබිණි.මේ සදහා සංඛ්‍යා දෙකක් එකතු කිරීමට හා අඩු කිරීමට තත්පරයෙන් 3/10ක කාලයක්ද  ගුණකිරීමට තත්පර 4ක  කාලයක්ද බෙදීමට තත්පර 10ක කාලයක්ද ගතවිය!
එනියැක් පරිගණකයේ චායාරුපයක්
  •  1946 දී ENIAC නමින්වඩා දියුණු පරිගණකයක් බිහිවුණා.එනියැක් පරිගණකය නිපදවන ලද්දේ පෙන්සිල්වේනියා සරසවියේ ජෝන් මොෂ්ලි(John Mochley) හා ප්රෙස්පර් එකර්ට්(Presper Ekart) විසිනි.යුද දෙපාර්තමේන්තුව(war department) මගින් ඔවුන්ට පැවරුණු කාර්යබාරය වුයේ නිවැරදි ඉලක්කයන්ටම  පහරදීම් සිදුකිරීමට යොදා ගන්නා ,එවකට අතින් සකස් කෙරුණු ගණන වගු(calculation tables)  සැකසීම සදහා යන්ත්‍රයක් නිපදවීමයි.එනියැක් පරිගණකය ටොන් 30 ක බරින් යුතු ,වැකුම් නල 18000 ක් යොදා ගැනුණු පරිගණකයකි. මෙය ක්‍රියාත්මක වනවිට ශබ්දයක් නොනගුනද අධික තාපයක් නිපදවිණි.නමුත් මෙය මාර්ක් 1  පරිගණකයට වඩා වේගයෙන් ගුනකිරීම්(multiplication) ඇතුළු ගණිත කර්ම සිදු කල හැකිවිය.
තවත් කොටසක් ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න........

Tuesday, October 1, 2013

පරිගණකයේ ඉතිහාසය -අසන්ෂිප්ත සටහන 1


පරිගණකයේ ඉතිහාසය(history of computer)
මේ ගැ න  නම් මොකටද කියල එක පාරටම අපේ කියවන්නෙකුට හිතෙන්න පුළුවන් .නමුත් පරිගණක විද්‍යාව ක්‍රමානුකුලව හදාරන කෙනෙක් මේ ගැන අනිවාර්යෙන්ම දැ න ගෙන ගෙන ඉන්න ඕන.කාලනුරුපීව මිනිස් සිත් සතන් තුල වැඩ  කටයුතු පහසු කරගන්න ,ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වන බාහිර උපකරණ නිපදවා ගැ නීමේ නොසිදෙන ආශාව වගේම එයින්ම අභිප්‍රේරණය වන අපුර්ව බුද්ධි මහිමය පිලිබදවත්   හොද අදහසක් ගන්න ඒක වැදගත් වෙනවා.


සීමාසහිත ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණක(limited-functionearly computers)
නුතන පරිගණකයේ ඉතිහාසය ප්‍රධාන තාක්ෂණ(technologies) දෙකක් ඔස්සේ දක්වන්න පුළුවන්.එනම් ,ස්වයංක්‍රීය ගණනය හා වැඩසටහන් කල හැකි වීමයි .
  • ඉතිහාසය දෙස බලනකොට මින් ගණනයට(calculation) සමත්කම් දක්වන පළමු යාන්ත්‍රික උපකරණය ලෙස අපට හමු වන්නේ 2500BC  හීදී පමණ  නිපදවූ සුමේරියානු ඇබකසයයි.
  • වැඩසටහන් කල හැකි යාන්ත්‍රික පද්ධතියක් අපිට වාර්තා ගත ඉතිහාසයේ පළමු වරට හමුවන්නේ (10-70)AD පමණ කාලයේදීයි.ඒ ග්‍රීක ගණිතඥයෙකු විසින් තැටි හා කඹ(ropes and drums) යොදා නිර්මාණය කල න්රුත්යශාලාවයි(theater).එහිදී පද්ධතියේ කුමන කොටස කිනම් කාලයේදී ක්‍රියා කල යුතු දැයි වැඩසටහන්(programmed) ගත කර තිබිනා.

ඊලගට පරිගණක ඉතිහාසයේ ප්‍රධාන කඩයිම් කිහිපයක් මෙහිදී කතා  කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ ඒ නිමැවුම කඩයිමක් වෙන්නේ ඇයි කියන එක අවබෝද කරගැනීමයි ඉතා වැ දගත් .

  • 1642දී බ්ලේස් පැ ස්කල්(Braise Pascal) විසින් නිපදවූ පැ ස්කල් පරිගණකය පළමු හොද ක්රිකාරිත්වයක් සහිත ගනකයයි.මෙයින් මුලික ගණිත කර්ම කල හැකිවිය. මෙම නිමැ වුම චාල්ස් බැබේජ් ගේ පලමු න්‍යායික  පරිගණකය වැනි වඩා ශක්තිම(strong)ත් හා නම්යශීලී(flexible) ගණකයන් බිහිවීමට  අඩිතාලම එක කළා  .

පොදු කාර්ය පරිගණක(general purpose computers)
  • 1801දි ජෝසෙප් මාරී ජැකාර්ඩ්(Joseph Marie Jackard) විසින් වැඩිදියුණු කරන ලද රෙදි මහන යන්ත්‍රයට ඊට ඇතුලත් කරන සිදුරු සහිත කාර්ඩ් පත්(punch cards) මගින් සංකීර්ණ මැහුම් රටා මැසීමට හැකියාව තිබිණි.මෙය වැදගත් පියවරක් ලෙස සැලකිය හැක්කේ එමගින් යන්ත්‍රයක් ස්වයංව ක්‍රියාකිරීමට  වැඩසටහන්(programs) කළහැකි බව කියාපාන නිසා.මේ ය මුලින් සදහන් කල තාක්ෂණ යුග්මයේ එක්වීමක් ලෙසද හදුන්වන්න පුළුවන් .
සංකීර්ණ රටාවන් මහන අයුරු
ජකර්ඩ් බාවිත කල කාර්ඩ්පත්


බැබෙජ්ගේ difference engine  කොටසක චායාරුපයක්
  • 1837 දී චාර්ල්ස් බැබේජ්(Charles Babbage) විසින් පළමු සම්පුර්ණයෙන්ම වැඩසටහන් කල පරිගණකය වන ඇනලිටිකල් එන්ජින්(Analytical Engine) නිර්මාණය කලා. නිර්මාණය කලා කිව්වට ඇත්තටම ඔහු එය සංකල්පයක්(concept) ලෙස නිර්මාණය කලා පමණයි,මුල්‍ය අර්බුද ආදිය නිසා ඔහුට එය ඉම්ප්ලිමන්ට්(implement) කල නොහැකි වුනා.
  • 1842-1843 කාල වලදී ඇඩා ලව්ලේස්(Ada Lovelace) නම් තැනැත්තියක් විසින් ලුයිගි(Luigi) නැමැති ඉන්ජිනේරුවෙකුගේද සහය ඇතිව බැබේජ්ගේ විශ්ලේෂණ යන්ත්‍රය විශ්ලේෂණය කොට ලිපියක් සකස් කළේය.එහි ගණනය හැරෙන්නට පරිගණකය තවත් දියුනුකලහැකි ඉසව් මෙන්ම පළමු ලිඛිත පරිගණක වැඩසටහන යයි සැලකියහැකි අල්ගොරිදමයක්(Algorithm)ද අන්තර්ගතවුණා.
  • 1880 දී හර්මන් හොලරිත්(Herman Hollerith) විසින් දත්ත පසුව කියවීමට හැකි ලෙස පටිගත කිරීමට(record) මාධ්‍යයක් සොයාගත්තා.එනම් සිදුරු සහිත කර්ඩ්පත්(punch cards).මීට පෙර අප සදහන් කල පරිදි ජැකාර්ඩ් විසින්ද ඔහුගේ රෙදි මහන යන්ත්‍රය වැඩසටහන්කරණය(programmed) සදහා මෙම කාර්ඩ්පත් ක්‍රමය බාවිතා කරතිබුනා.හර්මන් මෙම පන්ච් කාර්ඩ්ස් සැකසීම සදහා ටැබියුලර්(Tabular) නැමැති උපකරණයක්ද නිපදෙව්වා.නුතන පරිගණකය සතු තොරතුරු සකස් කිරීමේ හැකියාව සහිත යන්ත්‍ර යක් බිහිවුණු පළමු අවස්ථාව මෙය නිසා පරිගණක ඉතිහාසයෙ මෙය සුවිශේෂී සංදිස්ථානයක් ලෙස සලකන්න පුළුවන්.මෙම නිමවුමේ මහා පරිමාන(Large-scale) බාවිතයක් වුයේ 1890 වර්ෂයේ එක්සත් ජනපදයේ පැවති ජනසන්ගනනයෙදී එම කටයුතු පහසු කර ගැනීමට මෙම උපකරණය බාවිතා කිරීමයි.තවද හොලරිත්ගේ Tabulating Machine Company ආයතනය තවත් ආයතන දෙකක් එක්ව Computing-Tabulating-Recording Company නමින් සමාගමක් පිහිටුවා ගනු ලබනවා.පසුව එය 1924 දී සුප්‍රසිද්ධ International Business Machines (IBM) නමින් තම නම වෙනස් කර ගත්තා.
හොලරිත් නිපදවූ පරිගණකය
සංගනනය සදහා සිදුරු සහිත කර්ඩ්පත් සාදන අයුරු 

පසුව 19 සියවසේ අග බාගයේදී ප්‍රායෝගික පරිගණක(Practical computers) බාවිතයේ හා අවබෝධයේ අදහස් හා තාක්ෂණ රැසක් බිහිවුණා.ඉන් කිහිපයක් ලෙස බූලියානු වීජ ගණිතය(Boolean algebra) ,වැකුම් නල(vacuum tubes),සිදුරුසහිත කර්ඩ්පත්(punch cards) හා ටෙලිප්‍රින්ටර්(teleprinter) දක්වන්න පුළුවන්.
20 වන සියවසේ මුල් බාගය තුල බාවිතා වුනේ ඇනලොග් පරිගනකයි(Analogue Computers).නමුත් අද වර්තමානයේ සම්පුර්ණයෙන්ම බාවිතා වෙන්නේ ඩිගිටල් පරිගනකයි(Digital Computers).මෙම දෙවර්ගයේ  වෙනස දැක්වීමට උදාහරණයක් ලෙස මේස ලාම්පුවක්(table lamp) සලකන්න පුළුවන්.එනම් සමහර මේස ලාම්පු වල ඔන්/ඕෆ් දෙකට අමතරව එලිය අඩු වැඩි කරන්න පුළුවන් ස්විච් එකකුත් තියෙනවා.ඒක හරියට ඇනලොග් තාක්ෂණයට සමක කොට දක්වන්න පුළුවන්.ඩිගිටල් තාක්ෂනය තුල බාවිතා කරන්නේ තත්ත්ව දෙකයි.එක්කෝ ඔන් නැත්තම් ඕෆ් .නමුත් ඇනලොග් තාක්ෂණය තුල මේ අතරමැද තත්වයන්(සන්තතික) බාවිතා කෙරෙනවා.
තවත් කොටසක් මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.