header

header

Friday, September 20, 2013

පරිගනක විද්‍යාව --වෙන්කර හදුනා ගැනිමක්

ආයුබෝවන් ඔබ සියලු දෙනාටම..........
 පරිගනක විද්යාව,තොරතුරු හා සංනිවේදන තාක්ෂනය,පරිගනක ඉංජිනේරු විද්‍යාව මේ නම් වලින් හැදින්වෙන විශයන් වල තියෙන්නෙ එකම අන්තර්ගතයක් නෙවෙයි.උසස් අධ්‍යාපනයෙදී මේ විශය අන්තර්ගතයන් වල ඇති වෙනස හදුනාගෙන සිටීම අනාගතයෙදි අප නියැලීමට සිටින වෘත්තිය පිලිබද පොඩි හරි තීරනයක් ගන්න උදව් වෙනවා.මම නම් විශ්ව විද්යාලෙ අයදුම් කරද්දීවත් මෙ ගැන එච්චර අවබෝදයක් තිබ්බෙ නැහැ.ඒ ඒ course වල වටිනාකම තීරනය කලෙ ඇත්තටම ඊට උඩින් අවුරුද්දේ ඒ course එකට ගත්ත Z-Score එක ගැන හිතලා.ඒ කියන්නෙ Z-Score එක වැඩිනම් ඒක හොදයි කියලා හිතලා.එනිසා අපි අද මෙ විවිධ විශයන් වල අන්ත්ර්ගතයන් පිලිබදව විමසීමක් කරමු.
programming is major task of computer scientists

 පරිගනක විද්‍යාව-පරිගනක විද්‍යාව හදාරන්නෙකුගෙ  අරමුන පරිගනක යෙදවුම් වල සිද්ධාන්ත හා පසුබිම අවබෝධ කරගෙන විද්‍යාඥයෙකුගේ  කාර්යභාර්යක් ඉ‍ටුකිරීමයි.ඒ කියන්නේ රසායන,භෞතික විද්‍යාඥයන් වගේ.ලබා ගත් අවබෝධය තුලින් තොරතුරු සම්ප්‍රේශනය හා මෙහෙයවීම සදහා නව ක්‍රමවේදයන් සොයගැනීම ඔවුන්ගේ කාර්යභාර්යයි.මෙ සදහා උසස් ගනිතය,ඇලොගරිත්ම භාවිත්යෙන් පරිගනක වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ඔවුන් විසින් නව දැනුමක් නිර්මානය කරනු ලබනවා.එම නිසා CS හදාරන්නෙකු මෘදුකාංග නිර්මානය හා දියුනු කිරීම ,පරිගනක භාෂා වල මූලිකාංග ඉගෙනගනු ලබයි.එදිනෙදා යම්  කටයුත්තක් කරගැනීමට පරිගනක යොදවා ගත හැක්කේ කෙසේ දැයි යම් වැඩසටහනක්  ගොඩනගා එම ක්‍රමවේදය ඔවුන් විසින් පැහැදිලි කර දෙයි.කොටින්ම කියතොත් පරිගනක පද්ධතිය සමග සංනිවේදනය කරන්නේ පරිගනක විද්‍යාඥයන්ය.පරිගනක විද්‍යාඥයන්ගේ කාර්යභාර්ය අවබොධ කරගැනීමෙන් CS විශයෙහි අන්තර්ගතය පිලිබද අදහසක් ගත හැකි යයි සිතමි.මෙම විශය ධාරාව හැදෑරීමෙන් උදාවන ‍රැකියා අවස්ථා කිහිපයක්  පහත දැක්වේ.
  1. Application Software developer-යෙදවුම් මෘදුකාංග නිර්මානකරුවන්
  2. System Engineers-පද්ධති ඉංජිනේරුවන්
  3. Web Developers-ජාල සංවර්ධනය කරන්නන්.

  පරිගනක ඉංජිනේරු විද්‍යාව -පරිගනක ඉංජිනේරුවන් විසින් පරිගනක දෘඩාංග කොටස්එකතු කර පරිගනක නිර්මානය කරයි.එනම් ඉංජිනේරු කාර්යභාර්යක්.මොවුන්ගේ වගකීම වෙන්නේ පරීක්ශන කරලා hardware equipment නිර්මානය හා දියුනු කිරීම.ඒ කියන්නේ circuit boards, microchips, routers, video cards වගේ දේවල් .electrical engineering වගෙ විශය දැනුමකුත් මෙතනදි ඉගෙන ගත යුතු වෙනවා.පරිගනක ඉංජිනේරුවන් විසින් ගොඩනගනු ලබන processor architecture එකකට අනුකූලව පරිගනක විද්‍යඥයන් විසින් පරිගනක වැඩසටහන් ලියනු ලබනවා.හැකිතරම් ආර්ථිකව ලාභදායි හා වඩා කාර්යක්ශම micro processors නිර්මානය කිරීම මොවුන්ගේ වගකීමයි.ඒ අනුව පරිගනක ඉන්ජිනේරු විද්්‍යාව හදාරන්නෙකු පරිගනක විද්‍යාවේ මූලික සංකල්ප,ඉන්ජිනේරු විද්‍යාව,ගණිතය වගේ විෂයන් ඉගෙන ගත යුතු වෙනවා.මෙම විශය සංකලනයෙන් ලත් දැනුමෙන් දෘඩංග ගැටලු විසදීම හා පරිගනක පද්ධති ගොඩනැගීම සිදු කල යුතු වෙනවා.මොවුන් නියුතු වන කර්මාන්තය අනුවයි,‍රැකියා විවිධත්වයක් දකින්න පුලුවන් වෙන්නෙ.එවැනි කර්මාන්ත කිහිපයක් පහත දැක්වේ.
  1.  computer and electronic manufacturing-පරිගනක හා ඉලෙක්ට්‍රොනික නිශ්පාදනය
  2. computer systes design and related services-පරිගනක පද්ධති නිර්මානය හා ආශ්‍රිත සේවවාන්
  3. Scientific research and development services-විද්‍යාත්මක පර්යේශන හා සංවර්දන සේවාවාන්.
තොරතුරු තාක්ශනය-තොරතුරු තාක්ශනය තොරතුරු පද්ධති අධීක්ෂනය හා පද්ධති පාලනය හා සබැදි විශයක්.ඒ කියන්නෙ IT Proffessionals ට ඇත්තටම තියෙන්නෙ තාක්ශනයේ පරිශීලකයන් ලෙස ක්‍රියා කිරීමයි.පවතින මෙහෙයුම් පද්ධති,මෘදුකාංග හා යෙදවුම් භාවිතා කර ව්‍යාපාරික ගැටලු විසදීම සදහා විශාල පද්ධති සැලසුම් කිරීම මොවුන් සතු වගකීමයි. රැකියා ස්වභාවය අනුව ඔවුන්ට සේවා දායකයින් සමග ‍රැකියා ස්ථානයෙන් පිටත කටයුතු කිරීමට සිදුවෙයි.ව්‍යාපාරික අරමුනු හා අවශ්‍යතා මුදුන් පමුනුවා ගැනීම සදහා තාක්ෂනයේ උපයෝගීතාවයන් පිලිබදව පැහැදිලි කරදී සැලසුම් සෑදීම මොවුන්ගේ කාර්යභාර්යයයි.IT හදාරන්නෙකු ලෙස ජාල හා දත්ත පාදක නිර්මානය ,ව්‍යවහාරික ගනිතයේ මූලික දැනුම වගේම ශක්තිමත්  සිතීමේ හා තීරන ගැනීමේ හැකියාවක් වර්ධනය කරගත යුතු වෙනවා.ඊට අමතරව ඉහල සංනිවේදන හැකියාවක් හා පවතින සම්පත් භාවිතයෙන් අඩු-වියදම් සහිත ඉහල පලදායීතාවයක් ලබා ගැනෙමට තම සැලසුම් මෙහෙයවිය යුතු වෙනවා.කුඩා ව්‍යාපාරික අවස්ථාවේ සිට විශාල ව්‍යාපාරික අවස්ථාව දක්වාම IT භාවිතය නිසා බොහෝ ‍රැකියා අවස්ථා මොවුන් සදහා විවෘතව පවතී.ඉන් කිහිපයක් පහත දැක්වේ.
  1. Information Security Analyst
  2. Network Architect
  3. Computer Support Specialist
  4. Database Administrator
  5. System Administrator.

 සාරාංශය

  • computer engineers පරිගනක පද්ධති නිර්මානය හා ගොඩනැගීම සිදුකරයි.
  • computer scientists එම පරිගනක පද්ධති සදහා වැඩසටහන් නිර්මානය කරයි.
  • IT Professionals විසින් එම වැඩසටහන් භාවිතය හා දෝශ නිරාකරනය සිදුකරයි.
computer engineers  සැලසුම් කර නිවසක් සාදයි.Computer Scientist එම නිවසට අවශ්‍ය විදුලිය හා නලජලය ලබාදීමට විදුලි ‍රැහැන් ඇදීම හා ජල නල එලීම සිදුකරයි.IT Professionals තම ජීවන අරමුනු ඉ‍ටු කර ගැනීමට   එම නිවස භාවිතා කරන්නාට උපමා කොට දැක්විය හැකිය.



No comments:

Post a Comment