
- ප්‍රකාශ(Optical)-ලෙන්සස්,එන්ලාජස් බාවිතා කරමින් යාන්ත්‍රිකව සිදුකරනු ලබන සැකසුම්.නෙගටිව් ලෙස ඉමේජ් ස්ටෝර් කරනු ලැබේ.බ්‍රයිට්නස්,කන්ට්‍රාස්ට්,එන්ලාජ්මන්ට්,ක්රොපින්ග්,බර්නින්ග් වැනි සැකසීම් මෙයින් සිදු කරන්න පුළුවන්.
- ඇනලොග්-ඉලෙක්ට්‍රොනිකව සිදු කරනු ලබන සැකසීම් මෙයින් අදහස් වේ.බ්‍රයිට්නස්,කන්ට්‍රාස්ට් වැනි සැකසීම් මෙයින් සිදු කරන්න පුළුවන්.
- සංඛ්‍යාංක-අපේ මාතෘකාව ෆෝකස් වෙලා තියෙන්නේ මෙතෙන්ට,පරිගණක තාක්ෂනය යොදා ගෙන කරන මැනිපියුලේෂන්(manipulation).ඉහත සදහන් මුලික සකස් කිරීම් වලට අමතරව එජ් එන්හාන්ස්මන්ට්(edge enhancement) ,එරෝෂන්(erosion),ඩයලේෂන්(dilation) වැනි තවත් බොහෝ සැකසුම් මෙහි තව තවත් දියුණු වෙමින් පවතී.
සැ.යු.
ඉහත බාවිතා කර ඇති වචන සමහරවිට ඔබට නුහුරු වන්නට ඇති.ඒවා පිළිබද වැඩි විස්තර ඉදිරි පාඩම් වලදී විස්තර කෙරනවා.මෙහි ඉංග්‍රීසි වචන එලෙසින්ම බාවිතා කොට ඇත්තේ ඒවා සිංහලට නගා ව්‍යවහාර කිරීමට වඩා එලෙසින් යොදා ගැනීම බාවිතයට පහසුවක් වන බැවිනි.තවද මෙහි අප සාකච්චා කරනු ලබන්නේ නිශ්චල ප්‍රතිබිම්බ සැකසීම පිලිබදවයි.සල රූ(motion pictures) සැකසීම වඩා සංකීර්ණ ,මෙහිම දිගුවක් ලෙසින් සැලකිය හැකිය.
Purposes of Image Processing
ip වලින් වන බලාපොරොත්තු පහත පරිදී ප්‍රධාන කොටස් පහකට බෙදා දැක්විය හැකිය.
- visualization-නොපෙනෙන වස්තූන් නිරීක්ෂණය කිරීම.
- image sharpening and restoration-හොද ප්‍රතිම්බයක් ලබා ගැනීම.
- image retrieval-බලාපොරොත්තු වන ප්‍රතිබිම්බය ලබා ගැනීම.
- measurement and pattern-ප්‍රතිබිම්බයේ විවිද වස්තුවල මිනුම් ගැනීම.
- image recognition-ප්‍රතිබිම්බයේ ඇති වස්තු වෙන්කර හදුනා ගැනීම.
No comments:
Post a Comment