පරිගණකයේ ඉතිහාසය(history of computer)
මේ ගැ න නම් මොකටද කියල එක පාරටම අපේ කියවන්නෙකුට හිතෙන්න පුළුවන් .නමුත් පරිගණක විද්‍යාව ක්‍රමානුකුලව හදාරන කෙනෙක් මේ ගැන අනිවාර්යෙන්ම දැ න ගෙන ගෙන ඉන්න ඕන.කාලනුරුපීව මිනිස් සිත් සතන් තුල වැඩ කටයුතු පහසු කරගන්න ,ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වන බාහිර උපකරණ නිපදවා ගැ නීමේ නොසිදෙන ආශාව වගේම එයින්ම අභිප්‍රේරණය වන අපුර්ව බුද්ධි මහිමය පිලිබදවත් හොද අදහසක් ගන්න ඒක වැදගත් වෙනවා.
සීමාසහිත ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණක(limited-functionearly computers)
නුතන පරිගණකයේ ඉතිහාසය ප්‍රධාන තාක්ෂණ(technologies) දෙකක් ඔස්සේ දක්වන්න පුළුවන්.එනම් ,ස්වයංක්‍රීය ගණනය හා වැඩසටහන් කල හැකි වීමයි .
- ඉතිහාසය දෙස බලනකොට මින් ගණනයට(calculation) සමත්කම් දක්වන පළමු යාන්ත්‍රික උපකරණය ලෙස අපට හමු වන්නේ 2500BC හීදී පමණ නිපදවූ සුමේරියානු ඇබකසයයි.
- වැඩසටහන් කල හැකි යාන්ත්‍රික පද්ධතියක් අපිට වාර්තා ගත ඉතිහාසයේ පළමු වරට හමුවන්නේ (10-70)AD පමණ කාලයේදීයි.ඒ ග්‍රීක ගණිතඥයෙකු විසින් තැටි හා කඹ(ropes and drums) යොදා නිර්මාණය කල න්රුත්යශාලාවයි(theater).එහිදී පද්ධතියේ කුමන කොටස කිනම් කාලයේදී ක්‍රියා කල යුතු දැයි වැඩසටහන්(programmed) ගත කර තිබිනා.
ඊලගට පරිගණක ඉතිහාසයේ ප්‍රධාන කඩයිම් කිහිපයක් මෙහිදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ ඒ නිමැවුම කඩයිමක් වෙන්නේ ඇයි කියන එක අවබෝද කරගැනීමයි ඉතා වැ දගත් .
- 1642දී බ්ලේස් පැ ස්කල්(Braise Pascal) විසින් නිපදවූ පැ ස්කල් පරිගණකය පළමු හොද ක්රිකාරිත්වයක් සහිත ගනකයයි.මෙයින් මුලික ගණිත කර්ම කල හැකිවිය. මෙම නිමැ වුම චාල්ස් බැබේජ් ගේ පලමු න්‍යායික පරිගණකය වැනි වඩා ශක්තිම(strong)ත් හා නම්යශීලී(flexible) ගණකයන් බිහිවීමට අඩිතාලම එක කළා .
පොදු කාර්ය පරිගණක(general purpose computers)
- 1801දි ජෝසෙප් මාරී ජැකාර්ඩ්(Joseph Marie Jackard) විසින් වැඩිදියුණු කරන ලද රෙදි මහන යන්ත්‍රයට ඊට ඇතුලත් කරන සිදුරු සහිත කාර්ඩ් පත්(punch cards) මගින් සංකීර්ණ මැහුම් රටා මැසීමට හැකියාව තිබිණි.මෙය වැදගත් පියවරක් ලෙස සැලකිය හැක්කේ එමගින් යන්ත්‍රයක් ස්වයංව ක්‍රියාකිරීමට වැඩසටහන්(programs) කළහැකි බව කියාපාන නිසා.මේ ය මුලින් සදහන් කල තාක්ෂණ යුග්මයේ එක්වීමක් ලෙසද හදුන්වන්න පුළුවන් .
සංකීර්ණ රටාවන් මහන අයුරු |
ජකර්ඩ් බාවිත කල කාර්ඩ්පත් |
බැබෙජ්ගේ difference engine කොටසක චායාරුපයක් |
- 1837 දී චාර්ල්ස් බැබේජ්(Charles Babbage) විසින් පළමු සම්පුර්ණයෙන්ම වැඩසටහන් කල පරිගණකය වන ඇනලිටිකල් එන්ජින්(Analytical Engine) නිර්මාණය කලා. නිර්මාණය කලා කිව්වට ඇත්තටම ඔහු එය සංකල්පයක්(concept) ලෙස නිර්මාණය කලා පමණයි,මුල්‍ය අර්බුද ආදිය නිසා ඔහුට එය ඉම්ප්ලිමන්ට්(implement) කල නොහැකි වුනා.
- 1842-1843 කාල වලදී ඇඩා ලව්ලේස්(Ada Lovelace) නම් තැනැත්තියක් විසින් ලුයිගි(Luigi) නැමැති ඉන්ජිනේරුවෙකුගේද සහය ඇතිව බැබේජ්ගේ විශ්ලේෂණ යන්ත්‍රය විශ්ලේෂණය කොට ලිපියක් සකස් කළේය.එහි ගණනය හැරෙන්නට පරිගණකය තවත් දියුනුකලහැකි ඉසව් මෙන්ම පළමු ලිඛිත පරිගණක වැඩසටහන යයි සැලකියහැකි අල්ගොරිදමයක්(Algorithm)ද අන්තර්ගතවුණා.
- 1880 දී හර්මන් හොලරිත්(Herman Hollerith) විසින් දත්ත පසුව කියවීමට හැකි ලෙස පටිගත කිරීමට(record) මාධ්‍යයක් සොයාගත්තා.එනම් සිදුරු සහිත කර්ඩ්පත්(punch cards).මීට පෙර අප සදහන් කල පරිදි ජැකාර්ඩ් විසින්ද ඔහුගේ රෙදි මහන යන්ත්‍රය වැඩසටහන්කරණය(programmed) සදහා මෙම කාර්ඩ්පත් ක්‍රමය බාවිතා කරතිබුනා.හර්මන් මෙම පන්ච් කාර්ඩ්ස් සැකසීම සදහා ටැබියුලර්(Tabular) නැමැති උපකරණයක්ද නිපදෙව්වා.නුතන පරිගණකය සතු තොරතුරු සකස් කිරීමේ හැකියාව සහිත යන්ත්‍ර යක් බිහිවුණු පළමු අවස්ථාව මෙය නිසා පරිගණක ඉතිහාසයෙ මෙය සුවිශේෂී සංදිස්ථානයක් ලෙස සලකන්න පුළුවන්.මෙම නිමවුමේ මහා පරිමාන(Large-scale) බාවිතයක් වුයේ 1890 වර්ෂයේ එක්සත් ජනපදයේ පැවති ජනසන්ගනනයෙදී එම කටයුතු පහසු කර ගැනීමට මෙම උපකරණය බාවිතා කිරීමයි.තවද හොලරිත්ගේ Tabulating Machine Company ආයතනය තවත් ආයතන දෙකක් එක්ව Computing-Tabulating-Recording Company නමින් සමාගමක් පිහිටුවා ගනු ලබනවා.පසුව එය 1924 දී සුප්‍රසිද්ධ International Business Machines (IBM) නමින් තම නම වෙනස් කර ගත්තා.
හොලරිත් නිපදවූ පරිගණකය |
සංගනනය සදහා සිදුරු සහිත කර්ඩ්පත් සාදන අයුරු |
පසුව 19 සියවසේ අග බාගයේදී ප්‍රායෝගික පරිගණක(Practical computers) බාවිතයේ හා අවබෝධයේ අදහස් හා තාක්ෂණ රැසක් බිහිවුණා.ඉන් කිහිපයක් ලෙස බූලියානු වීජ ගණිතය(Boolean algebra) ,වැකුම් නල(vacuum tubes),සිදුරුසහිත කර්ඩ්පත්(punch cards) හා ටෙලිප්‍රින්ටර්(teleprinter) දක්වන්න පුළුවන්.
20 වන සියවසේ මුල් බාගය තුල බාවිතා වුනේ ඇනලොග් පරිගනකයි(Analogue Computers).නමුත් අද වර්තමානයේ සම්පුර්ණයෙන්ම බාවිතා වෙන්නේ ඩිගිටල් පරිගනකයි(Digital Computers).මෙම දෙවර්ගයේ වෙනස දැක්වීමට උදාහරණයක් ලෙස මේස ලාම්පුවක්(table lamp) සලකන්න පුළුවන්.එනම් සමහර මේස ලාම්පු වල ඔන්/ඕෆ් දෙකට අමතරව එලිය අඩු වැඩි කරන්න පුළුවන් ස්විච් එකකුත් තියෙනවා.ඒක හරියට ඇනලොග් තාක්ෂණයට සමක කොට දක්වන්න පුළුවන්.ඩිගිටල් තාක්ෂනය තුල බාවිතා කරන්නේ තත්ත්ව දෙකයි.එක්කෝ ඔන් නැත්තම් ඕෆ් .නමුත් ඇනලොග් තාක්ෂණය තුල මේ අතරමැද තත්වයන්(සන්තතික) බාවිතා කෙරෙනවා.
තවත් කොටසක් මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.
තවත් කොටසක් මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.
No comments:
Post a Comment