header

header

Tuesday, October 15, 2013

පරිගණකයේ ඉතිහාසය-අසන්ෂිප්ත සටහන 2

අපි ගිය ලිපියෙන් අවසන් කලේ ඇනලොග් පරිගණක පිලිබදව පොඩි අවබෝදයක් ලබාගෙන.මේ කාලයේදී පරිගණක තාක්ෂණයේ සුවිශේෂී හැරවුමක් සිදුවෙනවා.ඒ තමයි විද්‍යුත් ඩිජිටල් පරිගණක(digital computers) පිළිබද සංකල්පයන් ඉදිරිපත් වීම.
  • මානව මැදිහත් වීමකින් තොරව(without human intervention)සමීකරන විසදිය හැකි යන්ත්‍රයක් 1936 දී ඇලං ටියුරින්(Alan Turing) විසින් නිපදවීය.ඔහුගේ මෙම නිර්මාණය නුතන ඩිජිටල් පරිගණක සදහා පුර්වගාමි වූ න්‍යායික(Theoretical) ඉලෙක්ට්‍රොනික පරිගණකය ලෙස දැක්විය හැකිය.ටයිප් රයිටරයක්(type writer) ලෙසින් පෙනුණු මෙහි ගණනයන් සදහා දත්ත ඇතුලත් කරනු ලැබුවේ අකුරු මගින් නොව සංකේත(symbols) ලෙසිනි.මෙයට එවකට පැවැති සියලු මැෂින් වලින් කල හැකි කටයුතු කල හැකිවුණා.මේ නිසා ඇලන් ටියුරින් නුතන පරිගණක විද්යාවේ පියා (Father of Computer Science)ලෙස සලකනු ලබනවා.
  • 1936-1938 වකවානුව තුල ජර්මන් ජාතික කොන්ද්‍රාද් සුස්(Kondrad Zuse) නිපදවූ Z1 පරිගණකය පළමු විද්‍යුත් යාන්ත්‍රික ද්විමය ක්‍රමලේකිත ක්‍රියාකාරී තත්වයේ පැවති(electro-mechanical binary programmed functional computer) පරිගණකය ලෙස හදුනාගත හැක.
  • ඒකජ සමීකරණ පද්ධති(Linear Equation Systems) විසදීම සදහා යොදාගත හැකි පරිගණකයක් 1937 දී වා රාජ්‍ය විශ්ව විද්යාලයෙහි මහාචාර්ය ආටන්සොෆ්(Attansoff) හා එහි උපාධිදාරියෙකු වූ  බේරි(Berry) සමග එක්ව නිර්මාණය කෙරිණි.සමාන්තර පරිගණනය(Parallel computing) නම් තාක්ෂනය බාවිත වූ මෙය ලොව පළමු විද්යුත් ඩිජිටල් පරිගනකය(First Digital Electronic Computer) ලෙස දැක්විය හැක.මෙහි වැකුම් නල(Vaccum tubes),ද්විමය සංඛ්‍යා(Binary numbers)  හා පුනර්ජනන ධාරිත්‍රක මතකය(Regenerative capacitor memory) යන තාක්ෂණ බාවිතා කෙරිණි.එය අද DRAM තුල දත්ත රදවන ක්‍රමයට සමක වියමෙමගින් අඥාත රාශි 29ක් ඇති සමගාමී සමීකරණ 29ක් විසදිය හැකිවුණා.නමුත් මෙහි පැවති මුලික දෝෂයක් වුයේ එය තව දුරටත් වැඩසටහන්කරණය(programmable) කල නොහැකිවීමයි.
ABC පරිගණකය

  • ලොව පළමු වැඩසටහන් කල හැකි පරිගණකය වුයේ  1941 දී කොන්ද්‍රාද් සුස්(Kondrad Zuse) විසින්ම නිපදවූ Z3 නම් පරිගණකයයි.මෙහි ද්විමය අංක ගණිතය(Binary arithmetic) (ඉපිලෙන ලක්ෂ්‍ය අංකගණිතය(Floating point arithmetic)) බාවිතයෙන් ගණනය කිරීම් සිදුකලා.සුස් සතු සුවිශේෂී ප්‍රතිබානය වන්නේ ඔහු අනෙකුත් නිර්මාණකරුවන්ගේ ආභාශයක් නොලබා තම නිපදවීම් සිදුකිරීමයි.දෙවන ලෝක යුද සාමය තුල මෙම නිර්මාණ සිදුකලේ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ප්‍රමුක සෙසු ලෝකයාගෙන් සැගවෙමිනි.එම නිසා එවකට ඇමෙරිකාවේ හෝ බ්‍රිතාන්‍යයේ තුල දියුණුව පැවති තාක්ෂණ පිලිබදව අවබෝදයක් නොවීය. සංඛ්‍යා සදහා ද්විමය නිරුපනයත්,බැබේජ්ගේ ක්‍රමලේකන සංකල්පයත් ඔහු විසින් නිපදවූ Z පරිගණක පෙළ තුල දක්නට ලැබිණි.ඒ අනුව සලකා බලනවිට මෙම නිර්මාණය පරිගණක ඉතිහාසයේ අද්විතීය සන්ධිස්ථානයකි.
කොලෝසිස් පරිගණකයේ චායරුපයක්

  • මේ අතර ලොව පළමු වැඩසටහන් ගත කල හැකි ඉලෙක්ට්‍රොනික පරිගණකය(Programmable electronic computer) වුයේ 1943 දී තෝමස් ෆ්ලවර්ස්(Thomas Flowers) විසින් නිපදවූ කොලෝසිස්(Colossus) නම් පරිගණකයයි.මීට ඉලෙක්ට්‍රොනික ලෙස වැඩසටහන් කරණය සදහා සීමිත හැකියාවක් තිබිණි.එමෙන්ම සාපේක්ෂව විශ්වාසදායි(reliable) ප්‍රතිපල ලබාදුනි.මෙය දෙවන ලෝක සමයේ ජර්මානු යුද පණිවිඩ විකේතනය(decode) කිරීමට යොදාගැනුනි.

මාර්ක් 1 පරිගණකයේ චායරුපයක්
  • 1944 දී හාර්වර්ඩ්(Harvard) IBM සමාගම හා එක්වී මාර්ක් 1(Mark 1) නමින් පරිගණකයක් නිපදවූවා.මෙය එක්සත් ජනපදයේ එවකට නිපදවූ පළමු ක්‍රමලේකනය කළහැකි ඩිජිටල් පරිගණකයයි(First programmable digital computer).මෙහි භෞතික ප්‍රමාණය සදහන් කළහොත් බරින් ටොන් 50ක්ද සැතපුම් 500ක දිගින් යුත් වයර්ද ,උසින් ආදී 8ක් ,දිගින් ආදී 51ක්ද සහ ආදී 50ක් දිගින් යුත් බ්‍රමණ ඊශාවකින්ද(rotating shaft) මෙය සමන්විත වුනා.මේ සදහා වැඩසටහන් සකස් කල කාන්තා ප්‍රාථමික ප්රෝග්‍රමර් වරියක(programmer) වුයේ ග්‍රේස් හොපර්(Grace Hopper) ය.ඇය විසින් පළමු පරිගණක දෝෂය(Bug) සොයාගැනුනි.මෙහි පටි කියවනයේ  මියගිය ඉපියෙකු සිරවීමෙන් ඉහත දෝෂය හටගැනුනි.පසුව පරිගණක දෝෂ නිරාකරණයට දිබගින්ග්(Debugging) වැනි යෙදුම් බාවිතයට ආරම්බය සැකසුනේ එලෙසිනි.පළමු ඉහල මට්ටමේ පරිගණක බාශාවක් පවා නිර්මානය කලේ උක්ත කත විසිනි.එය ආරම්බයේ ෆ්ලෝමැටික්(Flowmatic) යනුවෙන් හැදින්වූ අතර පසුව එය සුප්‍රසිද්ද කොබෝල්(COBOL) බවට පත්විණි.මාර්ක් 1 ට අංක 23කින් යුතු සංඛ්‍යා විසදිය හැකිව තිබිණි.මේ සදහා සංඛ්‍යා දෙකක් එකතු කිරීමට හා අඩු කිරීමට තත්පරයෙන් 3/10ක කාලයක්ද  ගුණකිරීමට තත්පර 4ක  කාලයක්ද බෙදීමට තත්පර 10ක කාලයක්ද ගතවිය!
එනියැක් පරිගණකයේ චායාරුපයක්
  •  1946 දී ENIAC නමින්වඩා දියුණු පරිගණකයක් බිහිවුණා.එනියැක් පරිගණකය නිපදවන ලද්දේ පෙන්සිල්වේනියා සරසවියේ ජෝන් මොෂ්ලි(John Mochley) හා ප්රෙස්පර් එකර්ට්(Presper Ekart) විසිනි.යුද දෙපාර්තමේන්තුව(war department) මගින් ඔවුන්ට පැවරුණු කාර්යබාරය වුයේ නිවැරදි ඉලක්කයන්ටම  පහරදීම් සිදුකිරීමට යොදා ගන්නා ,එවකට අතින් සකස් කෙරුණු ගණන වගු(calculation tables)  සැකසීම සදහා යන්ත්‍රයක් නිපදවීමයි.එනියැක් පරිගණකය ටොන් 30 ක බරින් යුතු ,වැකුම් නල 18000 ක් යොදා ගැනුණු පරිගණකයකි. මෙය ක්‍රියාත්මක වනවිට ශබ්දයක් නොනගුනද අධික තාපයක් නිපදවිණි.නමුත් මෙය මාර්ක් 1  පරිගණකයට වඩා වේගයෙන් ගුනකිරීම්(multiplication) ඇතුළු ගණිත කර්ම සිදු කල හැකිවිය.
තවත් කොටසක් ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න........

No comments:

Post a Comment