header

header

Saturday, October 26, 2013

පරිගණකයේ ඉතිහාසය-අසන්ෂිප්ත සටහන 3

පරිගණක ඉතිහාසය පිලිබදව ගෙන ඈ ලිපි පෙළ මෙම ලිපියත් සමග  නිම කිරීමට බලාපොරොත්තු වෙයි.1950 වර්ෂයේ සිට 1980 දක්වා කාලය තුල පරිගණක ඉතිහාසය තුල ඇති සුවිශේෂී සන්ධිස්තාන මෙමගින් දැක්වේ.
ජෝන් වොන් නියුමාන්
  • මේ අතර ජෝන් වොන් නියුමාන්(John Von Neumann) නැමැත්තකු විසින් 1945 දී ලියු ලිපියකින් පරිගණක සදහා නව නිර්මාණ ක්‍රමවේදයක් විධිමත් ලෙස ඉදිරිපත් කෙරිණි.මෙය ආචිත ප්‍රක්‍රම ක්‍රමවේදය(Stored program architecture) හෙවත් වොන් නියුමාන් ක්‍රමවේදය(Von neumann architecture) ලෙස හැදින්වේ.මෙම නිර්මානශිල්පය බාවිතා කරමින් නව පරිගණක දියුණු කිරීමට ව්‍යාපෘති කිහිපයක්ම අරබුණි.ජෝන් නියුමාන් යනු සැබවින්ම පුදුම සහගත දක්ෂතා දැක්වූවෙකි.ඔහු 8 වැනි වියේදී ගණිතයෙහි එන කලනය(calculus) ගැටළු විසදුවේය.දුරකතන නාමාවලියෙහි(phone directory) පිටුවක් කියවා යලි එය කටපාඩමින් කියවීමට තරම් මතක ශක්තියක් තිබුණි.වරක් ඔහු ගනිත ගැටළුවක් විනාඩි 6ක් තුළ විසදුයේ ගණන උපකරනක්ද සහිතව මහාචාර්යවරයෙකුට එය විසදීමට පැය ගණනක් ගතවද්දීය!.1948 දී එංගන්තයේ මැන්චෙස්ටර්(Manchester) විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින්  SSEM( Manchester Small-Scale Experimental Machine) නමින් පළමු වරට යන්ත්‍රයක් නිපදවීය.ඉන් වසරකට පසුව කේම්බ්‍රිජ්(Cambridge) සරසවියෙන්   EDSAC( Electronic Delay Storage Automatic Calculator ) නැමැති පරිගණකයක් නිපදවීය.නුතන පරිගණකවල පවා යම් ආකාරයකට ආචිත ප්‍රක්‍රම ක්‍රමවේදය දැකගත හැකිවිය.1940 පළමු general purpose පරිගණකය දක්වා  තාක්ෂනයන් පැහැදිලි ලෙස වෙනස් වුවද වොන් නියුමාන් ආකෘතිය සහිත පරිගණකයේ සිට අද පරිගණකය එතරම් වෙනස් නොවේ.

  • 1950 ආරම්බයේදී සෝවියට් විද්‍යාඥයන් පිරිසක් ත්‍රිමය (-1,0,1) සංඛ්‍යා පද්ධතියකින් යුතු පරිගණකයක් නිපදවීය.එය නමින් සෙටුන්(Setun) නම් විය.මෙය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දියුණු කරන ලද්දකි.නමුත් එය තව දුරටත් දියුණු නොවුයේ ද්විමය පරිගණක පද්ධති(binary computer systems) ක්ෂේත්‍රයේ බොහෝ ජයග්‍රහණ ලබා තිබු බැවිනි.

  • 1950 අවසාන බාගය වනවිට තව දුරටත් පරිගණක උපාංග විශ්ව විද්‍යාල(universities) හා රජයේ පර්යේෂනාගර(government research labs) සතු බුක්තියක් නොවීය.එකර්ට්(Eckert) හා මොෂ්ලී(Mauchley) පෙන්සිල්වෙනියා(Pennsylvania) සරසවියෙන් ඉවත්ව තමන්ගේම සමාගමක් තැන ගත්හ.එහි පළමු වන නිෂ්පාදනය වුයේ යුනිවැක්(UNIVAC) නම් වාණිජ පරිගණකයයි(commercial computer).දත්ත ගබඩා කිරීම සදහා පළමුවරට චුම්බක පටි(magnetic tapes) බාවිත කරන ලද්දේ යුනිවැක් පරිගනකයේය.පසුව ඇතිවූ මුල්‍ය අර්බුද නිසා මොෂ්ලී හා එකර්ට් සුසන්ගතයෙන් ඇරබු සමාගම අඩු මුදලකට විකුණා දමන්නට සිදුවිය.1955 වනවිට IBM සමාගම ක්ෂේත්‍රයේ බොහෝ ආධිපත්‍යක් අත් කර ගෙන සිටියේය.තවද තමන් නිර්මාණය කරනු ලබන පුද්ගලික පරිගණක(personal computers) සදහා මෘදුකාංග නිර්මානය කිරීමට IBM සමාගම විසින් මයික්‍රොසොෆ්ට්(Microsoft) සමාගම කුලියට ගන්න ලදී.මෙම වාසි සහගත කොන්ත්‍රාත්තුව මගින් විශාල ආදායමක් උපයා ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකිවිය.2000 වසර වනවිට මයික්‍රොසොෆ්ට් සතුව පැවති වෙළදපොල ප්‍රාග්දන සම්පාදනය(market capitalization) IBM සමාගම මෙන් දෙගුණයක් විය.
 
    ස්ට්‍රෙච් පරිගණකය.
  • IBM ස්ට්‍රෙච්(stretch) පරිගණකය 1959 වසරේදී නිපදවීය.මෙහි 150000ක ට්‍රාන්සිස්ටර් අන්තර්ගත විය.ට්‍රාන්සිස්ටර් බාවිතා කලද මෙම පරිගණකය පවා අඩි 33ක පමණ දිගකින් යුතුවුයේ ඒවා එකිනෙකින් වෙන්ව සම්බන්ද කර තිබු නිසයි.1980 මුල් බාගයේදී ට්‍රාන්ස්සිස්ටර් එක්කොට සන්ගෘහිත පරිපථ(integrated circuits) තැනීම ආරම්බ කෙරිණි.

  •  ඔබ 1970 දශකයේ පරිගණක සදහා  ලියු වැඩසටහන් පිළිබද විමසන්නේ නම් එය අද මේන්ෆ්‍රේම් පරිගණක සදහා ලියන ඒවාට සමක කොට දැක්විය හැක. උදාහරණ ලෙස  IBM 7090,IBM 360,IBM 370 දැක්විය හැකිය.මෙවැනි පරිගණකයකට යමක් ඇතුල් කිරීමට පැවති එක් ක්‍රමවේදයක් වුයේ ටෙලිටයිප්(teletype) නම් ක්‍රමයයි.තමන් අවශ්‍ය වගන්තියක් ඇතුල් කල විට ඒ සදහා පරිගනකයෙන්ද යම් ප්‍රතිචාරයක් රැගත් සිදුරු සහිත කඩදාසි පටියක් ලැබෙයි.
අල්ටෙයාර් 8800 පිලිබදව පළවූ සගරාවක මුල් පිටුව.
  • නමුත් කාලයත් සමග තාක්ෂනය වඩා පහසු මගකට යොමුවිය.1990 වනවිට විශ්ව විද්‍යාල සිසුන්ට පුද්ගලික පරිගණක බාවිතය පැමිණියේය.මෙතරම් පහසු මගකට තාක්ෂනය යොමු වුයේ තවත් අද්විතීය සොයා ගැනීමක් හේතුවෙනි.එනම් ක්ෂුද්‍ර ප්‍රොසෙසරයයි(micro processor).ලොව පළමු ක්ෂුද්‍ර ප්‍රොසෙසරය නිපදවනු ලැබුවේ 1971 වර්ෂයේදී ඉන්ටෙල් ආයතනය මගිනි.ට්‍රාන්ස්සිස්ටර් 2300ක් රැගත් එම පරිගණකය INTEL 4004 නම් විය.එහි ගටිකා වේගය(clock speed) කිලෝ හර්ට්ස් 108(108 kHz)කි.අද පෙන්ටියම් 4(Pentium 4) පරිගනකයක ට්‍රාන්ස්සිස්ටර් මිලියන 42ක් ඇති අතර ගිගා හර්ට්ස් දෙකක ගටිකා වේගයකින් යුතුවෙයි.
    ක්ෂුද්‍ර ප්‍රොසෙසරයක්.
    මේ අතර ඉන්ටෙල් නිපදවූ 4004 චිප පෘතුවියෙන් ඈතින්ම පිහිටි මානව නිර්මාණිත අබ්යවකාශ යානය(space craft) වන "පයනියර් 10(pioneer 10)" නැමැති යානයේද පවතියි!.පසුව ඉන්ටෙල් ආයතනය INTEL 8008 හා ඉන්ටෙල් 8080 යනුවෙන් ප්‍රොසෙසර් දෙකක් නිපදවීය.ලොව පළමු පුද්ගලික පරිගණකය වන "අල්ටෙයාර් 8800(Altair 8800)" පරිගණකයේ බාවිත වුයේ INTEL 8080 ප්‍රොසෙසරයයි. 1968 දී ඇරබු මෙම සමාගම DRAM හා EPROM නැමැති මතක තාක්ෂනයන්ගේද නිර්මාපකයෝ වෙයි.


ලිපි පෙළ කියවූ ඔබට ස්තුති වන අතරම මීලගට "වස්තු පාදක පද්දති නිර්මාණය (OOSD)" පිලිබදව ලිපි පෙළක් බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment